රටම කම්පා කළ හොරණ වැඩිහිටි නිවාසය තවත් කළඹමින් ගින්නෙන් මියගිය ගණන ඉහළට


පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසයි.

එසේම එහි අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර ඊයේ (03) දින පස්වරුවේ ඇති වූ මෙම ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

එමෙන්ම ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවාසයේ වැඩිහිටියන් 72 කු රැදී සිට තිබෙන බවත් ඊට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඇතුළත් බවත් වාර්තා වේ.

මෙම ගින්නට මැදි වූ 51 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කළ අතර ඔවුන් මේ වනවිට බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියි.

මේ අතර සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පැමිණ ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post