
යාපනය ප්‍රදේශයේදී තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන්ව යාපනය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බව නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය. මහනුවර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස මිය ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයා පලා ගොස් තිබූ අතර පොලිසියේ දැඩි මෙහෙයුම් වලින් අනතුරුව ඔහුව මෙලෙස සොයාගෙන ඇත.
මෙම කාන්තාවගේ පෙම්වතා යැයි කියන පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ මහනුවර පිහිටි ඔහුගේ නිවසින් පලා ගොස් ඇති බව පරීක්ෂණවලින් හෙළි වී වූ අතර මෙම සැකකරු සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ස්ථාන 10 ක පමණ සෝදිසි කිරීම් සිදු කළේය.
