
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (24) දින පැය 24ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ, අද (24) රාත්‍රී 8 සිට හෙට (25) රාත්‍රී 8 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි.
එසේම පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන බව දන්වයි.
මේ අතර එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල කප්පාදුව සිදුකරන බවයි
