
මර්දන මෙහෙයුමෙන් හෙළි වූ මාරක ඇත්ත මෙන්න
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දින පරික්ෂාවේදි සමස්ත පරිශ්‍ර 31,155 ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,864 ක් හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දින පරික්ෂාවේදි සමස්ත පරිශ්‍ර 31,155 ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,864 ක් හඳුනාගෙන තිබේ.
පරීක්ෂාවට ලක් කළ කර්මාන්තශාලා, ඉදිකිරීම් බිම්, ආගමික ස්ථාන අතරින් අඩකට වඩා මදුරුවන් බෝවිය හැකි මට්ටමේ පවතී.
පාසල් වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ විය.
මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දින දෙක තුළ සිදු කරන ලද පරීශ්‍ර පරීක්ෂාවන් සහ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සවිස්තර වාර්තාවක් නිකුත් කර ඇත.
එම වාර්තාවට අනුව ඊයේ දිනය තුළ නිවාස, පාසල් සහ කර්මාන්තශාලා ඇතුළුව පරිශ්‍ර 31,155 ක් පරීක්ෂා කර ඇත.
පරීක්ෂා කළ ස්ථානවලින් පරිශ්‍ර 8,069 ක් මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර, පරිශ්‍ර 1,864 ක මදුරු කීටයන් සිටින බව තහවුරු වී ඇත.
ඊයේ (09) දිනය තුළ මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නිවේදන 1,079ක් නිකුත් කර ඇති අතර, 711 දෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
එවාගේම කර්මාන්තශාලා (61%), ඉදිකිරීම් බිම් (55.4%) සහ ආගමික ස්ථාන (51.5%) පරීක්ෂා කිරීමේදී ඒවායින් අඩකට වඩා මදුරුවන් බෝවිය හැකි මට්ටමේ පවතින බව සොයාගෙන ඇත.
එමෙන්ම පාසල්වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 74 ක් ආවරණය කරමින් 2026 ජූනි 8 සහ 9 යන දිනවල ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළ පරිශ්‍ර 62,351 ක් මේ වන විට පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් පරිශ්‍ර 16,190 ක මදුරුවන් බෝවීමේ අවදානම් තත්ත්වයක දැනට පවතින බව සොයාගෙන ඇත.
එය සමස්ත පරීක්ෂා කළ ස්ථානවලින් සියයට 26 කි. වැඩිම පරීක්ෂා කිරීම් ප්‍රමාණයක් සිදු කර ඇත්‌තේ නිවාස ආශ්‍රිතව වන අතර, දින දෙක තුළ පරීක්ෂාවට ලක් කළ නිවාස 57,008 ක් අතරින් නිවාස 14,291 ක මදුරුවන් බෝවන ස්ථාන තිබී ඇත.
පරීක්ෂා කළ මුළු පරිශ්‍රවලින් ස්ථාන 3,948ක මදුරු කීටයන් සිටින බව තහවුරු විය.
මින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වූයේ නිවාස (සියයට 58) සහ ඉදිකිරීම් බිම් (සියයට 22.4) ආශ්‍රිතවය.
නීති රීති කඩකළ ස්ථාන සඳහා නිවේදන 2,244ක් නිකුත් කළ අතර පුද්ගලයින් 1,500 දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
විශේෂයෙන් කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම්වලින් වැඩි පිරිසකට නීතිමය පියවර ගෙන තිබේ.
තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත් වගකීමෙන් කටයුතු කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම තෙදින ඩෙංගු මර්දන වැඩසටහනට හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
