රසිකයන් පිස්සු වට්ටමින් ශනුද්‍රි ප්‍රියසාද්ට මංගල සීනු නාද වෙයි - මෙන්න විවාහ මංගල්‍යයේ පිංතූර

shanudrie priyasad wedding photos

අපි හැමෝම දන්න දක්ෂ තරුණ නිලියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඒ වගේම එයාගේ දිගු කාලින ආදරවන්තයා තමයි අපි කවුරුත් ආදරය කරන ගායන ශිල්පී දිනේෂ් ගමගේ.

මේ දෙන්නගේ රසිකයන් පිස්සු වට්ටන වැඩක් තමයි මේ දෙන්නා කාටත් හොරා කරලා තියෙන්නේ. ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේගේ විවාහය වෙනුවෙන් ඇගිලි ගනිමින් හිටපු රසිකයන් ඕනෑ තරම්.

ඔන්න ඒ සියලු දෙනාගේම ආසාවන් සැබෑ කරමින් ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේගේ ඔවුන්ගේ විවාහ දිවියට පිවිසිලා තියෙනවා. සියලු දෙනා පුදුම කරමින් සුන්දර නුවරඑළියේදී පවුලේ සියලු දෙනා හා මිතුරන් සමග එක්ව මේ යුවල ඔවුන්ගේ සුන්දර විවාහ උත්සවය පවත්වලා තියෙනවා.

ඔවුන්ගේ විවාහ උත්සවයේ ජායාරුප අන්තර්ජාලය එක්කරමින් ශනුද්‍රි ප්‍රියසාද් මෙන්න මේ විදිහේ සටහනක් එක්කරලා තියෙනවා.

"මට මුණගැහුණු අවුරුදු 26ක කොල්ලට🤍

අවුරුදු 6කට කලින් ඔයයි මමයි අද විවාහ වුණා කියලා විශ්වාස කරන්න බෑ. නමුත් බලන්න, අපි දැන් ඉඳන් සැමියා සහ බිරිඳ මම දෙවියන්ට යාච්ඤා කළා, ඔයාව මේ අවුරුදු ගණනාව පුරාම මාත් එක්ක තියාගන්න කියලා. දෙවියන් වහන්සේ මේ දවස වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. මගේ තංගම්ට මාව තෝරා ගැනීම ගැන ස්තූතියි. මෙතැන් සිට ලෝකයට විරුද්ධ ඔබයි මමයි. ඔයා හැමදාම එන්න ආසාවෙන් ඉන්න ගෙයක් මම ඔයාට දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. හොඳ නරක හරහා, මගේ ජීවිතයේ ඉතිරි කාලය ඔයා එක්ක ගත කරන්න මට ඉවසිල්ලක් නෑ.

මම ඔයාට ආදරෙයි, ඔයාගේ බිරිඳ, තංගම්🤍"

ඉතින් මේ යුවලගේ විවාහ දිවියට සුභ පැතුම් එක්කරන ගමන් විවාහ මංගල්‍යයේ දර්ශන ටිකත් පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post