
වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශයෙන් ආරම්භ කරන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එන්. දේවප්‍රිය මහතා සඳහන් කර තිබේ .
ගිවිසුම්ගත කොන්දේසි ප්‍රකාරව 2026 ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම මෙරට වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ වන බවත් එම කටයුතු නියමිත දිනට ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ සමාගම විසින් මේ වන විටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රය තුළ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවිකර එම කටයුතු අවසන් අදියරේ පසුවන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ .
