ලංකා IOC ඩීසල් වර්ග කිහිපයක මිලත් ඉහළට


සුපර් ඩීසල් මිල යළි ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ. 

ඒ අනුව අද (08) දිනයේ සිට රු 572ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා IOC සමාගම පවසයි. 

රුපියල් 551ක් වූ එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 590ක් දක්වා සහ රුපියල් 588ක් වූ එක්ස්ට්‍රා ග්‍රීන් ඩීසල් ලීටරයක මිල රුපියල් 620ක් දක්වා ද ඉහළ දැමීමට ද එම සමාගම පියවර ගෙන තිබේ. 

කෙසේවෙතත් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුනොවන බව ලංකා IOC සමාගම සඳහන් කළේය.

මේ අතර පසුගිය 6 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබුණි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහළ දැමූ බවය.

ඒ අනුව රුපියල් 572ක්ව පැවති සයිනොපෙක් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් වී තිබේ. 

ඔක්ටේන් 92 , 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල වෙනසක් සිදුනොවන බව එම සමාගම පැවසීය.

මීට පෙරද සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post