HSBC ශ්‍රී ලංකාවේ අවසන් දිනය අදයි. බැංකු ශාඛා, ATM සවස 3ට වැසේ. ෆේස්බුක් පිටුවත් අදින් පසු නැහැ


හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු මෙහෙයුම් ,නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත මාරුවීමේ අවසන් අදියර හේතුවෙන් අද (30) පස්වරුවේ සිට හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව බැංකු සේවා අත්හිටුවීමට නියමිත බව එම බැංකුව නිවේදනය කරනවා.

නමුත් හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව ආයතනික සේවා දිගටම පවත්වා ගෙන යන බවයි එන බැංකුව පවසන්නේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු ව්‍යාපාරය රුපියල් බිලියන 18ක මුදලකට සහ අදාළ බදු ගෙවීම් මත මිලදී ගැනීමට එකඟතාවයකට එළඹ ඇති බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මගින් පසුගියදා කොටස් වෙළඳපොළට දැනුම් දුන්නා.

මෙම ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර බැඳීම් සහිත මිලදී ගැනීමේ සහ විකිණීමේ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව බැංකුව නිකුත් කර ඇති විශේෂ උපදෙස් මාලාව මෙසේයි. අද පස්වරු 3:00 ට හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව බැංකු ශාඛා, විදේශ විනිමය මධ්‍යස්ථාන සහ ATM යන්ත්‍ර සේවා සාමාන්‍ය පරිදි වසා තැබෙනු ඇත. පවතින හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාවේ ගිණුම්, හර සහ ණය කාඩ්පත් මෙන්ම අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා අද රාත්‍රී 7:00 දක්වා පමණක් භාවිතා කළ හැකිය. රාත්‍රී 7:00 න් පසු මෙම සියලු කාඩ්පත් සහ ඩිජිටල් වේදිකාවල ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් නතර වේ.

පද්ධති මාරුවීමේ අවසන් අදියර හේතුවෙන් අද රාත්‍රී 7:00 සිට සේවා සම්පූර්ණයෙන්ම අක්‍රිය වනු ඇත. මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට කිසිදු ගිණුමකට ප්‍රවේශ වීමට, ATM භාවිත කිරීමට, ණය කාඩ්පත් භාවිත කිරීමට හෝ මාර්ගගත බැංකු පහසුකම් ලබා ගැනීමට නොහැකි වනු ඇත. සේවා යථා තත්ත්වයට පත්වීමෙන් පසු සියලු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යටතේ ක්‍රියාත්මක වන අතර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සේවා ආරම්භ වන නිශ්චිත වේලාවන් පාරිභෝගිකයින්ට දැනුම් දී ඇත. බැංකු සේවා අක්‍රිය වන මෙම කාලසීමාව තුළ තමන්ට අවශ්‍ය මුදල් අවශ්‍යතා සහ ගෙවීම් කටයුතු කල්තියා සැලසුම් කර ගන්නා ලෙස බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වැඩිදුරටත් මතක් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post