දිවයිනටම සතුටු හිතෙන නිවේදනයක් - අප්‍රේල් සහ මැයි මාසවලට බය වෙන්න දෙයක් නෑ


ශ්‍රී ලංකාව තුළ අර්බුද ඇතිවුවත් නැතත් ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන් මෙරටට ලබාදීමට රුසියාව සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක මහතා සිදුකළ රුසියානු සංචාරයේ එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මේ බව සහතික වී ඇති බවයි.

එසේම ශ්‍රී ලංකාව තුළ සිදුකරන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කරනු ලබන සහාය අඛණ්ඩව ලබාදීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වී ඇත.

එමෙන්ම මැදපෙරදිග යුද තත්ත්වය නිසා මෙරට බලශක්ති සැපයුමට අදාළව පැන නැගී ඇති ගැටළු නිරාකරණයට සිය රටේ උපරිම සහය ලබාදෙන බව සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය ඉන්ධන සැපයීමත් ඉදිරියේදී ඇතිවිය හැකි හිඟතාවන් පියවීමටත් සිය සහය නොඅඩුව ලබාදෙන බවත්ටත් එකඟවී තිබෙනවා.

එබැවින් අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඉන්ධන සැපයීම සිදුකල හැකි බවත් ඔහු සඳහන් කර ඇත. තවද අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් රුසියානු සමාගම් සහ ලංකා ඛණිජ තෙල් තීනිගත සංස්ථාව සමඟ ගිවිසුම්ගතව ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පහසුකම් සපයන බවද සඳහන් කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් භාවිත කරන ගල්අඟුරු සැපයීමට සිය රට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙන බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවත යථාර්ථයක් වනු දැකීම සිය රටේ කැමැත්ත බවත්, වත්මන් රජය ගෙන යන තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු රාජ්‍යයේ අඛණ්ඩ සහය ලබාදෙන බවත් මෙහිදී පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post