
අකුරු කරන්නට පැමිණි දරුවන්ගේ අනාගතය අඳුරු කරමින්, තම සුඛෝපභෝගී රථය අපයෝජන මධ්‍යස්ථානයක් කරගත් ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකුගේ අශිෂ්ට ක්‍රියාවක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ගුරු වෘත්තියටම නිගාවක් කළ මේ පුද්ගලයාගේ වෙස් මුහුණ ගැලවී ගියේ ඉතාමත් අනපේක්ෂිත අයුරින්.
මේ සිද්ධියේ සුලමුල හෙළිවෙන්නේ මීට දින කිහිපයකට පෙරයි. අදාළ ගුරුවරයාට දැරියකගේ පියෙක් විසින් පහර දුන් බවට පැමිණිල්ලක් පොලිසියට ලැබී තිබුණා.
එම පහරදීමට හේතුව සොයා යෑමේදී ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයාට දැරිය ලබාදුන් ප්‍රකාශ ගැන සැක මතු වී තිබෙනවා.
පසුව සැකකරුගේ සහ දැරියගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී පොලිසිය පවා මවිතයට පත් වුණා. එහි දැරියගේ අඩනිරුවත් ඡායාරූප ගුරුවරයා සමඟ හුවමාරු වී ඇති බවට සාක්ෂි හමුවී තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ තොරතුරු ඇඟ කිළිපොලා යන සුළුයි. මේ ගුරුවරයා සිය උපකාරක පන්තියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති කිරීමට උල්පන්දම් දී ඇති බව වාර්තා වෙනවා.
ඔහු දැරියන්ව තම සුඛෝපභෝගී මෝටර් රථයෙන් නකල්ස් පරිසර පද්ධතියේ මනරම් ස්ථාන සහ කඳු මුදුන්වල පිහිටි නැරඹුම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා.
අවසානයේ එම වාහනය තුළදීම ඔහු මේ අසරණ දැරියන්ව අපයෝජනයට ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.අත්අඩංගුවට ගත් සැකකරු ලග්ගල, බකමූණ සහ නාවුල ප්‍රදේශවල ඉතා ප්‍රසිද්ධ ගුරුවරයෙක්.
ඔහු තවත් දරුවන් මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්දැයි සෙවීමට ළමා හා කාන්තා කාර්යාංශය දැන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අපයෝජනයට ලක්වූ දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ගුරුවරයාගේ එම සුඛෝපභෝගී රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.