වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදියි


සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ දිය නාමින් සිටියදී, ජංගම දුරකථන මගින් රූගත කළ බවට සැකපිට තරුණයක් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු බව නාරාහේන්පිට පොලීසිය පැවසීය.

ඔවුන් මෙලෙස පිරිමි පුද්ගලයින්ගේ වීඩියෝ දර්ශනද ලබාගෙන ඇති අතර, එලෙස ලබාගන්නා දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

අදාළ තරුණයින් දෙදෙනා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post