
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද ඇතුළත් විශේෂ කමිටු වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වෙත භාර දී තිබේ.
දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16ක අදහස් මත පදනම්ව සකස් කළ මෙම වාර්තාව මඟින් විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස ප්‍රධාන කාණ්ඩ 04ක් යටතේ ඡන්ද අයිතිය ලබා දීමට යෝජනා කර ඇත.
අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්.ඒ.පී.කේ. කුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව 2025 දෙසැ