මේ පැතිවලට අනතුරු නිවේදන - ජනතාව ප්‍රවේශම් වෙන්න


බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, මොනරාගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘අම්බර්’ නිවේදනයක් නිකුත් කර ඇත.

අද (17) දහවල් නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වේ. ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, මොනරාගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 2.00 න් පසු ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ. අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post