
ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් තිබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනු ලබයි.
ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් ඇත.
ඊයේ (03) එය දැක්වුණේ රුපියල් 388,500ක් ලෙසයි.
ඒ වගේම ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 407,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කර තිබේ.