සුබ ආරංචියක් - මේ රැකියා කරන අයටත් අලුතින් විශ්‍රාම වැටුපක්


යෙදුම් මූලික කරගත් (App Base) ක්ෂේත්‍රයේ ලක්ෂ හත අටක පමණ පිරිසක් රැකියාවල නිරතව සිටින බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කරයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ මෑත කාලයේ App Base ක්ෂේත්‍රයේ විශාල වර්ධනය සිදුවී ඇති බවත්, නිශ්චිත තොරතුරු නැතත් ලක්ෂ හතකට, අටකට ආසන්න සංඛ්‍යාවක් එම ක්ෂේත්‍රයේ වැඩ කරන බවත් ය.

එබැවින් එම ක්ෂේත්‍රයේ පිරිස දෛනික ආදායමක් උපයන බවත්, ඔවුන්ට මාසික වැටුපක් මෙන්ම විශ්‍රාම දිවියට පැමිණි පසුව විශ්‍රාම වැටුපක් නොලැබෙන බවත් ඔහු සඳහන් කළා.

එබැවින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බැවින් ඊට අවශ්‍ය කටයුතු කරමින් පවතින බවයි.

ඒ අනුව අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරන අයට ගැළපෙන ආකාරයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහතික කළයුතු බව ඔහු පැවසුවා.

අඳාළ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මෙහෙයවමින් සිටින බවත්, ඔවුන්ගේ ආදායමට ගැළපෙන ලෙස විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ‘සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් තොරතුරු කළමනාකරණ පද්ධතිය’ එළිදැක්වීම සඳහා පැවැති වැඩසටහනට එක් වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post