අප්‍රේල් මැද වෙනකල්ම ඉවසන්න වෙයිද? මේ දේවල් කරන්න අමතක කරන්න නම් එපා...


ලංකාව පුරාම දරාගන්න බැරි විදිහට මේ දවස්වල රස්නය වැඩි වෙලා තියෙනවා කියලා හැමෝටම දැනෙනවා ඇති. 

හැබැයි මේ රස්නය ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැන් කියන්නේ.

මේ අධික උණුසුම ලබන මාසෙ (අප්‍රේල්) මැද වෙනකල්ම පවතින්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ.

දවස පුරා අධි වෙහෙස මහන්සියෙන් වැඩ කරන අයට මේ තත්ත්වය මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන අතිශය විමසිලිමත් වෙන්න කියලා සෞඛ්‍ය අංශ ඉල්ලනවා.

මේ දවස්වල වෙනදාට වඩා වැඩියෙන් ජලය පානය කරන්න අමතක කරන්න එපා. නැත්නම් ශරීරය අධික ලෙස විජලනය වෙන්න ඉඩ තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post