වාහන අංක තහඩුවෙන් තෙල් ගන්න විදිහක් නැද්ද? - අලුත් ක්‍රමයක් මෙන්න


වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන බැවින්, වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී නිල ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී ඇත.

පසුගිය කාලසීමාව තුළ පැවති ප්‍රසම්පාදන ගැටලු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වූ නිසා ඇතැම් වාහන හිමියන් විවිධාකාරයේ තාවකාලික අංක තහඩු භාවිතා කිරීමට පෙළඹුණා.

එම නිසාම ඉන්ධන ලබා ගැනීමේදී ඇති විය හැකි ගැටලු වළක්වා ගැනීමට මෙම පියවර ගෙන ඇත. ඒ අනුව, වාහන හිමියන් විසින් පහත සඳහන් ලේඛනවලින් එකක් අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කළ යුතුයි.
  • වාහන ආදායම් බලපත්‍රය
  • වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත)
  • වාහන රක්ෂණ සහතිකය
  • වාහන දුම් පරීක්ෂණ සහතිකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post