
ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ඉහළ දැමුවද තව දුරටත් ගෑස් හිඟයක් ඇතැයි ගෑස් පාරිභෝගිකයෝ පවසති.
ලිට්‍රෝ ගෑස් සැපයුමට සාපේක්‍ෂව ලාෆ් ගෑස් තොග නොලැබීමෙන් ලාෆ් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ලිට්‍රෝ ගෑස් තොග අළෙවි නියෝජිතයන් සතුව නොතිබීම නිසා තොග ලැබෙන අවස්ථාවන් ගැන විමසිමත්ව සිට පෝලිමේ පැය කීපයක් රැදීසිටීමෙන් අනතුරුව ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට සිදුව ඇති බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයෝ කියති.
කොළඹ, කළුතර සහ ගම්පහ යන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම ගෑස් හිඟය දැඩිව පවතින අතර කුරුණෑගල, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඇතුළුව සෙසු සියලුම දිස්ත්‍රික්කවල නාගරික ප්‍රදේශවල ගෑස් හිඟය පවතින බව ද පාරිභෝගිකයෝ පැවසූහ.
ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන්නේ ලැබෙන ගෑස් තොග ප්‍රමාණවත් නොවීම නිසා පාරිභෝගිකයන්ට පෝලිමේ සිට ගෑස් මිලදීගැනීමට සිදුව ඇති බවත් ගෑස් අළෙවි කිරිමේදී හෝටල් වැනි ව්‍යාපාරිත ස්ථානවලට ප්‍රමුඛතාවක් දෙන බවත්ය.
ලාෆ් ගෑස් අළෙවි නියෝජිතයන් පවසන්නේ ප්‍රමාණවත් තොග නොලැබීම නිසා තමන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් මිල ඉහළ දැමීමෙන් පසුව හෝ ප්‍රමාණවත් තොග ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලින් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ හැකි උපරිමයෙන් තොග බෙදාහරින බවත් පෝලිම් නොමැතිව සාමාන්‍ය ලෙස ගෑස් මිලදීගැනීමට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇති බවත්ය.
Source: lankadeepa.lk
Source: lankadeepa.lk