ඉන්ධන මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය


විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම් 03/22 සිට 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 100ක් සැපයුම්කරුවන්ට ගෙවා ඉන්ධන මිල පාලනය කර ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ ඇති වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිදුවන බාහිර කම්පන මගින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇති වන බලපෑම විධිමත්ව කළමනාකරණය කර ගැනීම පිණිස රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

ඒ යටතේ මහජනතාව වැඩි වශයෙන් භාවිත කරන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙතගෙවීම මගින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post