ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට - නව මිල ගණන් මෙන්න


අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති අතර, මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,862කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post