අස්වැසුම ගැන ආරංචියක්


වසර 2022/ 2023 කාල­යේදී අස්වැ­සුම පළමු වටයේ ඉල්ලුම් කළ ප්‍රති­ලා­භීන් රජ­යට ලබා දුන් තොර­තුරු යාව­ත්කා­ලීන කිරීමේ සංග­ණන වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කරනු ලබයි මාර්තු 28 වැනිදා දක්වා රට පුරා මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරනු ඇත.

සමාජ සුභ­සා­ධක මණ්ඩ­ලය ප්‍රකාශ කර තිබෙන්නේ මෙලෙස ජන­තාව ලබා­දුන් තොර­තුරු යාව­ත්කා­ලීන කිරීමේ සංග­ණන කට­යුත්ත ග්‍රාම නිල­ධා­රීන්, ආර්ථික සංව­ර්ධන නිල­ධා­රීන් ඇතුළු සංග­ණන කට­යුතු සඳහා නම් කරන ලද සංග­ණන නිල­ධා­රීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් සෑම ග්‍රාම­සේ­වක වස­ම­කම, ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­කම සිදු කරන බවයි

සමාජ සුබ­සා­ධක මණ්ඩ­ලයේ සභා­පති නිමල් කොටු­ව­ල­ගෙ­දර මහතා සදහන් කළේ මෙම ප්‍රති­ලා­භය අපේ­ක්ෂා­වෙන් රට­වැ­සි­යන් ලක්ෂ 29ක් දෙනා තොර­තුරු ලබා දී ඇති බවත් එම තොර­තුරු මෙවර යාව­ත්කා­ලීන කරන බවයි.

ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මට්ට­මින් පත්කළ නිල­ධා­රීන් අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ගේ නිවාස වෙත පැමිණ තොර­තුරු යාව­ත්කා­ලීන කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post