
ටික දවසක නිවාඩුවකට පස්සේ ඔන්න අද (03) ඉඳන් ආයෙමත් පාසල් සීනුව නාද වෙනවා.
2026 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අංශ තහවුරු කරන්නේ. මේ අදියර ලබන අප්‍රේල් මස 10 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් පටන් ගන්නවත් එක්කම දැන් ලංකාව පුරාම තියෙන්නේ 'බිග් මැච්' උණනේ. ඉතින් මේ වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟාවලි සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
පොලිසිය තරග සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ඕනෑම තරඟයක් සංවිධානය කිරීමේදී අදාළ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානය අනිවාර්යයෙන්ම දැනුවත් කර ඔවුන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙසයි. අනවශ්‍ය ගැටුම් සහ කලහකාරී තත්ත්වයන් මගහරවාගෙන සාමකාමීව තරඟ පවත්වන්නටයි පොලිසිය මේ විදිහට උපදෙස් දීලා තියෙන්නේ.