
මේ මාසයේ ලිට්‍රෝ එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 38,000 ක් දැනටමත් පැමිණ ඇති අතර තවත් දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000 ක් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හේතුවෙන් සාම්ප්‍රදායික සැපයුම් මාර්ගවලට බාධා එල්ල වුවද, මෙරට ගෑස් (LPG) සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය පියවර ගන්නා බවට ප්‍රකාශ කරයි.
ඒ අනුව, ලංකා රජය ස්විට්සර්ලන්තයේ Geo Gas Trading SA සමාගම සමඟ එක්ව ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෑස් ආනයනය කිරීමට කටයුතු සූදාම් බව සඳහන්.
මෙම නව වැඩපිළිවෙල යටතේ සෑම මසකම නිතිපතා ගෑස් නැව් මෙරටට ළඟා වීමට නියමිතයි. සැපයුම් මාර්ගයේ පවතින දුරස්ථභාවය හේතුවෙන් ප්‍රවාහන ගාස්තු යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි වුවද, කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ගෑස් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බව රජය සඳහන් කරයි.