සියලුම 5 වසර සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්



2026 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සියලුම රජයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ පිළිබඳ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත.

මෙම විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලබන සිසුන්ගේ තොරතුරු නිවැරදිව පද්ධතියට ඇතුළත් කිරීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බවත්, අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයෙන් පසු කිසිදු සංශෝධනයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post