
මව හා සිය හත්හැවිරිදි සහෝදරයා සමග යතුරුපැදියෙන් යමින් සිටියදී ගම්පොළ, ඇත්ගාල නාගොල්ල ප්‍රදේශයේදී තුන් හැවිරිදි දියණියක් මෝටර් රථයකට බිළිවෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ, නාවලපිටිය පොලිස් ස්ථානාධිපති නිශ්ශංක නන්දන කුලතුංග මහතාගේ නිසාරා කෙනුලි කුලතුංග නම් පෙර පාසල් දියණියයි.
මියගිය දැරියගේ පෙර පාසල් ගුරුවරියගේ උපන්දින සැමරුමක් සඳහා මව හා සහෝදරයා සමඟ මෙසේ මාවතුර ප්‍රදේශයට යමින් සිටියදී බස් රථයකට ඉස්සර කිරීමට ගිය මෝටර් රථයක් ඔවුන් ගමන් ගත් යතුරුපැදියේ ගැටී තිබුණි.
අනතුරෙන් පසු ඔවුන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍ය කර්මයකට භාජනය වෙමින් සිටියදී 20 දින සවස 5ට පමණ ඇය මිය ගොස් තිබුණි.
ගමපොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සචින්ත රණතුංග මහතා සඳහන් කර තිබුණේ, ඇගේ පපු ප්‍රදේශය යමක වැදීමෙන් උදරය හා පපුවට හානිවීම හා අභ්‍යන්තර රුධිර වහනයෙන් ඇය මිය ගොස් සිටි බවය.
ඇගේ මව වූ කුමාරි හේරත් යන අයගේ අතක් බිඳී ගොස් තිබුණි.
අපරික්ෂාකාරී ලෙස මෝටර් රථය පැදවූ 82 හැවිරිදි විශ්‍රාමිකයකු වූ නාවලපිටිය අඹගමුව උඩබුලත්ගම පදිංචි ගුණපාල ජෙරල්ඩ් ගාමිණි සුභසිංහ යන අය ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් සරසි පරණමාන මෙනෙවිය විසින් ඔහු අද (23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.
ගම්පොළ ඇත්ගාල පොලීසියේ ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙහි පරීක්ෂණ සිදුකර තිබුණි.
Idakin me wage kaalakanni ballo .. munta behe ne pare yaddi hemin kalpanawen yanna . Oya ballage kapanna ona kakul deka
ReplyDelete