
අපි හැමෝම අපේ නිවෙස්වල ඉන්න බල්ලෝ, පූසෝ වැනි සුරතල් සතුන්ට පණ වගේ ආදරය කරනවා.
හැබැයි මේ කියන්න යන පුවත ඇහුවොත් ඔබ අද සිට ඔබේ සුරතලා ගැන මීට වඩා දෙවරක් හිතන්න පෙළඹේවි.
පසුගිය වසරේ පමණක් ලංකාවෙන් ජලභීතිකා මරණ 14ක් වාර්තා වී ඇති බවට සෞඛ්‍ය අංශ භයානක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙහි ඇති වඩාත්ම කනගාටුදායක සහ භයානකම තත්ත්වය වන්නේ, මේ මරණවලින් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ මහමග ඉන්න සත්තු නෙවෙයි, අපි නිවෙස්වල ආදරයට හුරතල් කරන සුරතල් සතුන් වීමයි.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම ප්‍රදේශවලිනි.
පුත්තලම
කුරුණෑගල
රත්නපුර
වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ යම් අයෙකුට ජලභීතිකා රෝග ලක්ෂණ මතු වුවහොත් ඉන් බේරීමට ඇති අවස්ථාව බිංදුවක් බවයි. එනම් රෝග ලක්ෂණ පෙන්වූ පසු මරණය 100% ක්ම ස්ථිර බව ඔවුන් පෙන්වා දෙනවා.
ඉතින් ඔබත් සුරතල් සතුන් ඇති කරනවා නම්, ඔවුන්ට නියමිත කාලයට එන්නත් ලබා දීමටත්, සතෙක් සූරා හෝ සපා කෑ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් අමතක කරන්න එපා. ඔබ කරන පුංචි අතපසුවීමකින් ඔබේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්.