
රියදුරු බලපත්‍ර මුද්‍රණය ප්‍රමාද වීම නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටි ජනතාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අද සතුටුදායක පුවතක් වාර්තා වුණා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක මුද්‍රණ කටයුතු අවසන් කර ඒවා තැපෑලට යොමු කර ඇති බවයි. ඉතිරිව පවතින තවත් බලපත්‍ර ලක්ෂයක ප්‍රමාණයද කඩිනමින් මුද්‍රණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
බලපත්‍ර ලබා ගැනීම තවත් පහසු කරමින් වේරහැර, අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික් කාර්යාලවලින්ද දැන් රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා. දැනට ලැබී ඇති සියලුම අයදුම්පත් සඳහා කඩිනමින් බලපත්‍ර නිකුත් කරන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කාඩ්පත් ලක්ෂ 8ක් මේ වන විටත් දිවයිනට ලැබී ඇති අතර, තවත් කාඩ්පත් ලක්ෂ 10ක් ගෙන්වීමට අවශ්‍ය ටෙන්ඩර් කටයුතුද අවසන් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ඉදිරියේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්පූර්ණයෙන්ම මඟ හැරී යනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරනවා.