ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපකට මේ වනවිට ප්‍රහාර එල්ලකර ඇති බව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තාවන් අනුව ඉරානය පළමුවෙන් බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු පිහිටා ඇති මනමා අගනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇත. එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන බලඇණියේ මූලස්ථානය ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව බහරේනය වාර්තා කරයි.

ඉන් අනතුරුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) මෙන්ම කුවේට් දේශයට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මිලිටරි ප්‍රහාරවලින් පසුව උත්සන්න වන කලාපීය ආතතීන් මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ කුවේට් යන රටවල් ඔවුන්ගේ ගුවන් කලාපය වසා දමා ඇති අතර, ඉරානය, ඉරාකය සහ ඊශ්‍රායලය සමඟ එක්ව ඔවුන්ගේ ගුවන් කලාපය වසා දමා ඇත.    

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post