ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

ගෑස් හිඟය පිළිබඳව අද(19) දින පාර්ලිමේන්තුවේදී කතාබහ වූ නිසා මැතිසබයද උණුසුම් තත්ත්වයකට පත් විය.

ඒ අනුව ගෑස් හිඟය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කර සිටියා.

එයට පිළිතුරු ලබා දෙමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ ගෑස් සැපයුම වැඩි කිරීමට තීරණය කර තිබෙන බවයි.

එමෙන්ම ඔහු එහිදී පෙන්වා දුන්නේ ලිට්රෝ ගෑස් 82%ක් පාරිභෝගික අවශ්‍යතාවය සපුරන විට සියයට 18%ක් පමණ ලාෆ් ගෑස් සමාගම එය සපුරන බවයි.

එබැවින් ලිට්රෝ ගෑස් දිනකට මෙට්‍රික් ටොන්1000 - 1200ක් අතර ප්‍රමාණයක් නිකුත් කෙරුණද මේ වන විය එය මෙට්‍රික් ටොන් 1500 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවත් සඳහන්.

එසේම සෙනසුරාදා දක්වා එය ක්‍රියාත්මක වන බවත් ඉරිදා දිනයේ සහ අඟහරුවාදා දිනයේ නැව් දෙකක් පැමිණීම හේතුවෙන් ගෑස් හිඟයක් ඇති නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ ලාෆ් ගෑස් සමාගමේ පවතින ගෑස් සැපයුමේ ප්‍රශ්නයක් නිසා ලිට්රෝ ගෑස් පාරිභෝගිකයින්ද ගෑස් හිඟයක් මතුවේ යැයි බියෙන් ගෑස් ලබා ගැනීමට පෙළඹීම නිසා මෙම ගෑස් ඉල්ලුම වැඩිවී තිබෙන බවයි.

එබැවින් කිසිදු ආකාරයකින් ගෑස් හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවද වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පැවසුවා.

එසේම ලාෆ් ගෑස් සමාගම කිසිදු හිඟයකින් තොරව තම පාරිභෝගිකයින්ට ගෑස් ලබාදීමට බැඳී සිටින බවත් එය අධීක්ෂණය කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගී සිටිමින් ප්‍රකාශ කළේ මෙම ගෑස් හිඟය කඩිනමින් නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද නැගී සිටිමින් සඳහන් කළේ තමා ගෑස් හිඟයක් ඇතිවන බව ඉකුත් දෙසැම්බර් 25 වැනි දා දැනුම් දුන් බවයි.

එසේම ඊට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ ඕමානයේ ගෑස් සමාගමෙන් එම ගෑස් සැපයීමේ ටෙන්ඩරය ඉවත්කොට වෙනත් රටක සමාගමකට ලබාදීම හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවයි.

එහිදී චාමර සම්පත් මහතා කියා සිටියේ එම ඕමාන ගෑස් සමාගමට ප්‍රමාණවත් නෞකා තිබුණද අනිත් ගෑස් සමාගමට ප්‍රමාණවත් නෞකා නොතිබීම ගෑස් හිඟයට බලපෑමක් ඇතිවී ඇති බවයි.

ඒ අනුව ඔහු කියා සිටියේ ටෙන්ඩරය ලබාදීමේදී අඩු ටෙන්ඩර් ලන්සුව වන ඩොලර් ශත පහළොවක වාසිය හේතුවෙන් එම ටෙන්ඩරය මෙම සමාගමට ලබා දී ඇති බවයි.

එමෙන්ම එය යහපත් කාරණයක් වුවද මෙම ගෑස් හිඟය නිසා ඊට වඩා වැඩි අලාභයක් රටටත් ජනතාවටත් සිදුවන බැවින් මේ ගැන වහාම ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අඩු ටෙන්ඩරයට ලිට්රෝ ගෑස් සැපයීම ලබාදී ඇති නමුත් එම ගෑස් සැපයීමේ ගැටලුවක් නොවන බවයි.

එමෙන්ම එම ගෑස් සැපයීමේ ගැටලුවක් ඇතිවුවොත් පමණක් ඊට අඳාළ පියවර ගන්නා බවත් ය.

එසේම වර්තමානයේ ඇති වී තිබෙන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයීමේ ගැටලුවක් බවත් එය කඩිනමින් විසඳීමට එම සමාගම මැදිහත් විය යුතු බවත් නොඑසේනම් එම සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post