
රන් වෙළෙඳපොළේ අද උදේ ඉඳන්ම ඇහෙන්නේ ටිකක් අමුතු කතාවක්.
රත්තරන් ගන්න හිතාගෙන හිටපු හැමෝම පුදුම කරමින්, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ මිල ගණන් එකපාරටම "රොකට් එකක්" වගේ ඉහළ ගිහින්.
පසුගිය පැය කිහිපය ඇතුළත විතරක් රන් පවුමක මිල රුපියල් 4,000කින් විතර වැඩි වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
මේ හදිසි මිල ඉහළ යාමත් එක්ක, ඉදිරියේදී විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු තරුණ තරුණියන්ට නම් මේක හිතට ලොකු බරක් වෙන එක අනිවාර්යයි.
දැන් තියෙන අලුත්ම මිල ගණන් මෙන්න:
කැරට් 22 (පවුමක්): ඊයේ රු. 362,600ට තිබුණු පවුම අද උදේ වෙද්දී රු. 366,300 දක්වා ඉහළ ගිහින්.
කැරට් 24 (පවුමක්): පසුගිය සිකුරාදා රු. 392,000ක් වුණු පවුම අද වෙද්දී රු. 396,000 සීමාවටම ඇවිත්.
ඒ කියන්නේ පවුම ලක්ෂ 4 සීමාවට හරිම කිට්ටුයි.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් එක්ක මේක තවත් වැඩි වෙයිද? නැත්නම් ආයේ අඩුවෙයිද කියලා කාටවත් හිතාගන්න බැහැ.
කොහොම වුණත් රත්තරන් බඩුවක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, දැන් හැම තත්පරේම මිල ගැන අවධානයෙන් ඉන්න එක තමයි නුවණට හුරු.