විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වන දින ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස 18වන දින දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බවයි.

පළාත් 09ම ආවරණය වන පරිදි අඳාළ කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව මඟින් තීරණය කිරීමට නියමිත බව සඳහන්.

2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් එනම් අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි මස 31 වන දින දක්වා වන කාලසීමාව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් ඉකුත් 13 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය මඟින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් 2026 වසරේ පළමු කාර්තුවට අදාළව ලංකා විදුලි මණ්ඩලය මඟින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වූයේ නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post