අද සිට රටේ තත්ත්වය මේකයි - නිවේදනයක්


අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එහෙත් කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

එමෙන්ම සෙසු ප්‍රදේශවල ප්‍රධාන ලෙස වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව දැනුම් දෙයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post