
දන්නවාද මේ ඇසෙන්නේ මොකක් ගැනද කියලා..
දිට්වා සුළිකුණාටුවෙන් පස්සේ ඇසුණු ඇස් අදහාගන්න බැරි මේ කතාව නම් ඇත්තටම හරිම වෙනස් එකක්..
මහවැලි ගංඟාව ගලා බසින හසලක, උල්පතගම 13 ඇල කෙත් යායට පහළ ප්‍රදේශයේ ගලින් නිමකරන ලද ඉපැරණි පටු මාර්ගයක් මතුවී ඇතැයි ප්‍රාදේශවාසීන් පවසනවා.
ප්‍රදේශයට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමග ප්‍රදේශයට පතිත වූ අධික වර්ෂාවට සහ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ මහවැලි ගඟේ ආ අධික ජලය ප්‍රවාහය හේතුවෙන් ගංඟාවේ දෙපස ඉවරුවලට දැඩි ලෙස සේදී ගොස් ඇති අතර ඒ සමග මෙම මාර්ගයද මතුවී තිබෙනවා.
මිනිපේ පුරාවිද්‍යා ගවේෂකයෙකු වූ ඩබ්ලිව්. ඒ. මහින්ද විජේසිංහ මේ සම්බන්ධයෙන් පවසා සිටියේ ඒ ගැන මෙවැනි අදහසක්.
''මහවැලි ගංඟාවේ 13 ඇළ කෙත් යායට පහළ ප්‍රදේශයේ ඉපැරණි මාර්ගයක් මතුව තිබෙනවා. මෙය පළලින් අඩි 06ක් පමණ හා දිගින් අඩි 60ක් පමණ දුරට ගංඟා ඉවුරේ සිට ගඟ මැදට වන්නට සකස් කර ඇති මෙම මාර්ගය ගල් අතුරා ගලින් ගල අලවා නිර්මාණය කළ බවට සැලකිය හැකියි. අතීතයේ ජනාවාසයක් ව පැවති මෙම ප්‍රදේශයේ ජනතාව 13 ඇළ ගංඟා ඉවුරේ සිට ගඟෙන් එගොඩ වී මහියංගනය ප්‍රදේශයට ගමන් කිරිමට හෝ ගංඟාවට බැස දිය නෑමට සකස් කළ මාර්ගයක් විය හැකි බවට නිගමනය කළ හැකි බවත් සඳහන් කරන්න පුළුවන්.
ඒ වාගේම තමයි ඇතැම් විට 13 ඇළ ප්‍රදේශයේ ක්‍රි.ව. 571-604 කාලයේ අනුරාධපුරයෙහි රජකම් කළ පළමුවෙනි අග්බෝ රජ දවස මිනිපේ ඇළ ප්‍රතිසංස්කරණය කොට එහි ජලයෙන් පෝෂණය වන කෙත්වලින් ලබන ආදායමෙන් නඩත්තු වු බව ඉතිහාස පොත පත සදහන් කරන “මණිමේඛලා ප්‍රාසාද” නමින් වු විහාරාරමයක් සහ පිරිවෙනක් මෙම ප්‍රදේශයේ පැවති බැව් මහා වංශයෙහි සඳහන් වන බව ලේඛක ධර්මසේන මහවල විසින් රචිත උඩදුම්බර හා මිනිපේ විත්ති ග්‍රන්ථයේ (පිටුව 20) “කොට වෙහෙර මණිමේඛලා ප්‍රාසාද පිරිවෙන” නැමැති ලිපියේ සඳහන් කර තිබෙනවා. මෙම ග්‍රන්ථයේ සඳහන් පූජනීය ස්ථානය වර්තමානය වන විට කිසිවෙකුගේ සැළකිල්ලට හෝ අවධානයට ලක් නොවු සුන්දර කෙත් යායක පිහිටි නටඹුන් ගොඩක් පමණක් බවට පත්ව ඇති සැටියක් පෙනෙනවා. එසමයෙහි මෙම පුජනීය ස්ථාන යේ වැඩ විසු බවට සැළකෙන භික්ෂුන් වහන්සේ ජලස්නානයට ගඟට බැසිමට හෝ ගඟෙන් එතෙරව ඵෙතිහාසික මහියංගන සෑ රදුන් වන්දනාවට ගමන් කිරිමට මෙම මාර්ගය සකස් කර ගන්නට ඇති බවත් සිතන්නට පුළුවන්.
එහෙම නැත්නම් මෙම පිරිවෙනේ විසු භික්ෂුන්වහන්සේ මහවැලි ගඟේ ගල්තලාවේ සකස් කර ගත් පෝය විනය කර්ම සිදු කළ ස්ථානයට ගමන් කිරිමට යොදාගත් මාර්ගයක් වෙන්නට පුලුවන්. කෙසේ වෙතත් මෙම මාර්ගය සම්බන්ධයෙන් ස්ථිර තොරතුරක් අපට කියන්නට හැකියාවක් නැහැ. මේ මාර්ගය පිළිබඳව අපි තවදුරටත් පරික්ෂණයක් කිරිමට අදහස් කරනවා. ඒ වාගේම තමයි “කොටවෙහෙර” එකල මණිමේඛලා ප්‍රාසාද පිරිවෙන් විහාරය මෙම ප්‍රදේශයේ බැව් බොහෝ දෙනාගේ විශ්වාසයක් පවතිනවා.''

Source: hirugossip