
අද (08) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයේ සුළු භූ චලනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
එය රික්ටර් මාපාංක 2.2 ක සුළු භූ කම්පනයක් බවයි එම කාර්යාංශය පවසන්නේ.
අද සවස 05. 05ට පමණ මෙම භා චලනය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා.