අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පාසල් කිහිපයක් අද පෙරවරු 11:00ට වසා දැමීමට තීරණය කරයි..


මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග නැවතත් ඔබ විමසිලිමත්ව කාලය ගත කිරීම ඇත්තටම වැදගත්. 

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි සියලුම පාසල් අද (09) පෙරවරු 11:00ට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එසේම පවතින තත්ත්වය අනුව ඉදිරි තීරණ ගැනීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post