අද පැය 48ක් පුරාවටම ලංකාව පුරා සිද්ධ වෙන්න යන දේ මෙන්න - දැනගෙනම යන්න


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන පරිදි, අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව සඳහන් කරයි.

ඒ අනුව එම සංගමය සඳහන් කළේ, නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.

කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post