
මෙන්න අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ ආරංචියක්.
ඔබත් කන කර රනින් සරසන්න හිතාගෙන හිටියා නම් මේ අන්න ඒකට සුදුසු වෙලාවක්ද?
මෙහෙම කතාවක් ඇසෙන්නේ ඇයි? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. අද දවසේ රන්මිල නැවතත් සුළු වශයෙන් පහළ ගොස් තිබුණා.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,334,382.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,070.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,150.00ක් සහ රුපියල් 41,190.00ක් ලෙසයි සඳහන් වූයේ.