
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව ඇත.
එහිදී අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව තලාව පොලීසිය ප්‍රකාශ කරයි.
මේ අතර තුවාල ලැබූවන් අතර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බවට පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් පොලීසිය වැඩිදුරටත් වාර්තා කළේ තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි.
UPDATE
බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය.