
ඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ මෙම පිපිරීමෙන් දැවැන්ත ගින්නක් ඇති වූ අතර ප්‍රදේශය පුරා මෙහි බලපෑම එල්ල වුණි.
පිපිරීමත් සමඟ ඉන්දීය අගනුවර පුරා පොලීසිය විසින් වහාම දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දිල්ලි ගිනිනිවන සේවා සහ පොලීසිය එක්ව මේ වනවිට අදාළ ස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.
පිපිරීම සිදුවූ ස්ථානය කාර්යබහුල ප්‍රදේශයක් වීම හේතුවෙන් බරපතළ හානි සිදුව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.