පරිගණක ඉංජිනේරු සැමියා මනෝ උපදේශක බිරිඳ සමඟ එක්වී අන්තර්ජාලයෙන් අසැබි දසුන් බෙදාහැරලා

එංගලන්තයේ වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ අඹුසැමි යුවළක් පෙරේදා (08 දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික විශ්වවිiාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු (37) ඔහුගේ බිරිඳ වන පෞද්ගලික විශ්වවිiාලයක මනෝ උපදේශන ඩිප්ලෝමා ධාරිනියක් (36) බව පොලිසිය කියයි.

එංගලන්තයේ වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියක ශ්‍රී ලාංකික යුවළකගේ අසභ්‍ය වීඩියෝ පට රැසක් සංසරණය වන බවට නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාට තොරතුරක් ලැබී තිබේ. ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසට මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා චන්දිමා සපුගොඩ මහත්මියට උපදෙස් ලැබී තිබිණි.

ඒ අනුව සිදුකරන ලද විමර්ශනවලින් පසු එම යුවළ රාජගිරියේ ඔවුන් රැඳී සිටි නිවසේදී කොටුකරගෙන ඇත.

ඒ අනුව ඊට අදාළ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණක ඇතුළු උපාංග රැසක් මෙම නිවසේ තිබී පොලිස් භාරයට ගත් අතර, පසුව සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම යුවළ එක්ව සැකසූ අසභ්‍ය වීඩියෝ දර්ශන 334ක් අදාළ වෙබ් අඩවියට මුදාහැර තිබූ බවයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post