ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්


 ලබන වසරේදී (2026) රත්‍රං මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අනතුරු අඟවයි.

අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ, ඉකුත් දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ ගිය රත්‍රං මිල මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් ඇති බවයි.

මේ වන විට රන් පවුමක මිල රුපියල් ලක්ෂ 3ක සීමාවට වඩා පහළ ගොස් ඇත.

තවදුරටත් මිල ගණන් පහළ යනු ඇත යැයිද ඔහු අනාවැකි පළ කළේය.

“මේ දිනවල රත්‍රං මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න” යැයි ජනතාවට දැනුම් දුන් බණ්ඩාර මහතා, ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලුවක් ඇත්නම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත දැනුම්දෙන ලෙසද උපදෙස් ලබාදුන්නේය.

අධිකාරියේ මෙම අනතුරු ඇඟවීම රත්‍රං ආයෝජකයන් සහ මිලදී ගන්නන් සඳහා කාලෝචිත අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post