පද්මෙත් එක්ක හාදකම් පැවැත්වූ ලෝයර් නෝනගේ හොඳම කතාවක් එළියට - මෙන්න විස්තරය

ගනේමුල්ල සංජීව ඝාතනයට අනුබල දුන්නා කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින කඩවත ප්‍රදේශයේ පදිංචි නීතිඥවරිය මේ වන විට ප්‍රශ්න කිරීම්වලට ලක් කර තිබේ.

එහිදී කරුණු රැසක් අනාවරණය වී තිබේ.ඒ අනුව මෙලෙස අත්අඩංගුවට නීතිඥවරියට මූල්‍ය චෝදනා ඇතුළු තවත් චෝදනා කීපයකටම අදාළව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පහක් විභාගයට ගෙනෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ඒ සංවිධානාත්මක අපරාධ කරුවන් කීප දෙනෙක් වෙනුවෙන්ම නඩුවලට පෙනී සිට ඇති බවත් හෙළිවේ. ඒවගේම නදුන් චින්තක හෙවත් හරක් කටා සමග මැඩගස්කරේදී අත්අඩංගුවට පත් සළිඳු මල්ශික ගුණරත්න හෙවත් කුඩු සළිඳු වෙනුවෙන්ද ඇය එරටට ගොස් නීතිය හමුවේ පෙනී සිටි ඇති බවට පොලිසිය සඳහන් කරයි.

මීට අමතරව විදෙස් රටක සැඟවී සිටින ප්‍රධාන පෙළේ මා ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාෂික් නමැති තැනැත්තාට අයිතියයි පවසන දෙහිවල ප්‍රදේශයේ පිහිටි සෝල් බීච් නමැති හෝටලය කඩා ඉවත් කිරීමට විරුද්ධව ද ඇය පෙනී සිට තිබේ.

මීට අමතරව සංවිධානාත්මක අපරාධකරුවකු වන දරූන් නැමැත්තා සමගද ඇය සමීපව සබඳතා පවත්වා තිබේ. ඇය කෙහෙල් බද්දර පද්මය සමග මේ ආකාරයෙන් හාදකම් පවත්වා ඇත්තේ වට්ස්ඇප් ඔස්සේ බවද පොලිසි අනාවරණය කරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post