
කලක පටන් මේ කියන මෙය සංවාදයට හේතුවක් වන කාරණයක් වුණා.
පොලිතින් භාවිතය අවම කිරීමට මේ තීරණය නිසා හැකිවේවිද?
අන්න ඒ ගැන අද සිට ඔබ වඩා අවදානය යොමුකිරීම වැදගත් වෙනවා.
භාණ්ඩ රැගෙන යාම සදහා භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබාදීම හෙට සිට තහනම් වෙනවා.
ඒ අනුව ඒ සදහා මිලක් අය කල යුතු අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 01 වනදා නිකුත් කෙරුණා.
හිරු ප්‍රවෘත්ති සමග සංවාධයකට එක්වෙමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න කියා සිටියේ අතුලු සහිත ශොපින් බෑග් සදහා මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි.