
ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන ලද සාර්ථක ජාත්‍යන්තර මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස, ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබූ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අධිකරණ භූමියේදී සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ වූ සැකකාරිය, රටින් පලා ගොස් ඉන්දියාවට මුලින් ගොස් පසුව නේපාලයේ සැඟවී සිට ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් අද (2025 ඔක්තෝබර් 14) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළි කරන ලදි. මෙය ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන ලද දෙවන ජාත්‍යන්තර මෙහෙයුම වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ බුද්ධි අංශවල නිලධාරීන් මෙම මෙහෙයුමට සහභාගි වී ඇත.
2025 පෙබරවාරි 19 වැනි දින කොළඹ පහ අධිකරණ භූමියේදී සිදුවූ ඝාතනයට ඇය සමග සම්බන්ධ ප්‍රධාන චූදිතයෙකු එදිනම හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූවත් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව තිබුණි.
අධිකරණ පරිශ්‍රය තුළට ගිනි අවියක් රැගෙන ගොස්, ඝාතනය සිදු කළ පුද්ගලයාට එය භාරදී තිබුනේ ඇයයි.
ඇය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ආදී අධිකරණ කිහිපයක විවිධ මනුෂ්‍ය ඝාතන සැලසුම් කළ කාන්තාවක් ලෙසද හඳුනාගෙන තිබුණි.
වාර්තා වන අන්දමට, සැකකාරිය ලංකාවෙන් ගොස් ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ සිට පලා ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ ජේ.කේ. බායි නම් පුද්ගලයෙකුගේ උපකාරයෙනි. බෝට්ටුවෙන් ඉන්දියාවට ගොස් ඇත. ඉන්දියාවේ දින තුනක් පමණ රැඳී සිටි ඇය, පසුව දින හතක් පමණ ගත කර ඉන්පසුව දුම්රියෙන් නේපාලය බලා පිටත් වී ඇත. නේපාලයේ අගනුවර කත්මණ්ඩු සිටි කිලෝමීටර 18 ක් පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක ඉහළ මාලයක පිහිටි තට්ටු නිවාසයක සැඟවී සිටි ඇය, අවසානයේදී ශ්‍රී ලංකා පොලිසිය සිදු කළ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන ඇත.
ඇගේ මෙම ගමන සඳහා ලක්ෂ 65ක පමණ මුදලක් වැය කර ඇති අතර, ඇයගේ නවාතැන්, ආහාරපාන සහ අනෙකුත් වියදම් සඳහා තවත් විශාල මුදලක් වෙන් කර ඒවා බායි නම් පුද්ගලයා ගෙවා ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය පවසා ඇත්තේ, "මම දැන සිටියා කොයි වෙලාවක හරි මාව පොලිසිය හොයාගෙන එයි කියලා," යන්නයි.
සැකකාරිය ඩුබායි වෙත පලා යාමට උත්සාහ කර ඇති අතර, ඒ සඳහා ඇය "ඩමියක්" (ඇයට සමාන පෙනුමක් ඇති තැනැත්තියක්) සූදානම් කර තිබූ බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. මෙම ඩමිය සඳහා ඩුබායි, ඉන්දියාව සහ නේපාලය සඳහා වීසා ලබාගෙන ඇති අතර, එම තැනැත්තියද අත්අඩංගුවට ගෙන ඇත.
ඉෂාරා සෙව්වන්දි හා සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ඇයට රැකවරණය සැපයූ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිය ද ඒ අතර වේ.
මීට අමතරව, ගම්පහ, කොළඹ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් හතර දෙනෙකු හා සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසූ පරිදි, "අධිකරණය මග හැර සිටින කාන්තාව ප්‍රධාන සාක්ෂිකාරියක් වන අතර, ඇය තමයි මෙම සියලු දේවල් 'කෝඩිනේට් කරන' මැද පුද්ගලයා විය."
මෙම අත්අඩංගුවට ගැනීම සාර්ථක වීමට නේපාල රජයේ සහ නේපාල පොලිසියේ සහය ලැබී ඇත. උදර්පන නීතිය යටතේ විවිධ රටවල් අතර ඇති ගිවිසුම් හා එකඟතා මත පදනම්ව මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවන බව මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
"රාජ්‍ය තාන්ත්‍රිකව නේපාල රජය සහ නේපාල පොලිසිය, විශේෂයෙන් ශ්‍රී ලංකා ගරු පොලිස්පතිතුමාගේ සහය සහ නේපාල රාජ්‍යයේ පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන ඉතාම සුහදතාවය මත කඩිනමින් මේ සැකකරුවන් සහ සැකකාරියන් ලංකාවට ගෙන්වා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා," යැයි ප්‍රකාශක සඳහන් කළේය.
අත්අඩංගුවට පත්වූවන් හෙට (15) මෙරටට ගෙන ඒමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට රටින් පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා රතු නිවේදන 40ක් පමණ නිකුත් කර ඇත. 2025 වසරේ මේ දක්වා රතු නිවේදන හරහා සැකකරුවන් 18 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන ඒමට පොලිසිය සමත් වී ඇත.
- gossiplankanews