
හෙද හෙදි සේවය නැතිව රෝහලක් පවත්වාගෙන යන්න බැහැ. ඒ තරමටම ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍යයි. ඉතින් බොහෝ දවසක ඉදළම අඩුවක්ව පැවැති ඒ හෙද හෙදියන්ගේ අඩුව පුරවන, බදවා ගැනීමේ පරීක්ෂණ හෙට සහ අනිද්දා පැවැත්වෙනවා. ඒ අනුව ඔක්තෝබර් 04 -05 දෙදින තුළ ගාල්ල, මාතර හා හම්බන්තොට ඇති හෙද විදුහල්වලදී.
එමෙන්ම ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්කවලට අදාළ පරීක්ෂණ බදුල්ල හෙද විදුහලේදී පැවැත්වෙන බවත් කියැවෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දුන් සියලුම අයදුම්කරුවන් මේ සදහා පැමිණිය යුතු බවයි තමයි සදහන් වෙන්නේ.