
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීමේ කාලසීමාව එළැඹෙන ඔක්තෝබර් 9 වනදා අවසන් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ඔක්තෝබර් 09 මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබනු ඇත.
කිසිදු හේතුවක් මත යළි අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ දක්වා ඇත.
එළැඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ඉකුත් සැප්තැම්බර් 18වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ දිනවල සිදුකෙරේ.
මේ සම්බන්ධයෙන් විමසීමට 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක යටතේ විමසිය හැකිය.
මීට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ gceolexansl@gmail.com යන විද්‍යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.