බෝලය ගන්න පාසල් පිහිනුම් තටාකයට බැස්ස සිසුවා මරුට

දික්වැල්ල ප්‍රදේශයේ පිහිටි පාසලක පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුවක් ලබාගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවකු පෙරේදා (05දා) සවස දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විදුහලේ 12 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.

සිසුවා පාසල් භූමියේ පන්තියේ මිතුරන් කිහිපදෙනකු සමග ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වෙමින් සිටියදී පන්දුව තටාකයට වැටී තිබේ. එය ලබාගැනීම සඳහා ඔහු ජලයට බැස යනවිට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

සිසු දරුවාගේ මෘත දේහය බත්ගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.

දරුවා මෙම අනතුරට මුහුණ පාන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට තවත් සිසුවකු එම පිහිනුම් තටාකයට බැස ඇති අතර, ඔහුව ද ගිලෙන්නට ගිය අවස්ථාවේ එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියකු විසින් ගොඩට ගෙන තිබේ. පසුව ගිලී සිටි අනෙක් දරුවාව ද ගොඩටගෙන තිබේ. අනතුරුව දෙදෙනාවම රෝහල්ගත කරන්නට පියවර ගත්ත ද පිහිනුම් තටාකයට මුලින් බැසී සිසුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

මුලින් බැස දියේ ගිලෙමින් සිටි සිසුවා බේරා ගැනීමට මැදිහත්වූ සිසුවා මේ වනවිට බත්ගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post