මේ වාහන ගැන ජාතික ගමනාගමන කොමිසමෙන් දැනුම් දීමක් - ප්‍රවාහන බලපත්‍රය ගැන නව නීතියක්



මේ වන විට පාසල් සිසුන් හා කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථ ,පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලී රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බවට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කරයි.

ඒ අනුව නුදුරේදීම මේ සඳහා වන රෙගුලාසි සකස් කර ගැසට් කර එය නීතියක් බවට පත්කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා පැවැසීය. ඒ සමඟම ඉදිරියේදී සියලු කුලී රථවල ගාස්තුව, වාහනවල තත්ත්වය ආදිය නියාමනය කිරීමට කොමිෂන් සභාවට බලය පැවරෙන බව සඳහන්.

2025 අගෝස්තු මාසය වන විට ලංකාවේ වාහන ගණන මෝටර් රථ 932,223ක්, බස් රථ 114,952ක්, සහ ත්‍රිරෝද රථ 1,190,477ක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ වාහනවල සැලකිය යුතු ප්‍රතිශතයක් කුලී ප්‍රවාහන සේවාවල නිරත වන බවයි.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් කළ නව සංශෝධනය අනුව, ඉදිරියේදී බස් රථවලට පමණක් නොව, මගී ප්‍රවාහනයේ යෙදෙන අනෙකුත් සියලු වාහනද කොමිෂන් සභාවේ නියාමනයට යටත් වන බව ඔහු පැවසීය.

එම සංශෝධනයට අදාළ සියලු කටයුතු අවසන් වූ පසු, මෙම වසර අවසානයට පෙර නව නීතිය ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා පැහැදිලි කළා.


ඒ අනුව, පාසල් සිසුන් හා කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන වෑන්, මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, සහ ඌබර්, පික්මී වැනි පෞද්ගලික කුලී රථ සියල්ලම කොමිෂන් සභාවේ සුපරීක්ෂණයට යටත් වන බවත් ඔහු සඳහන් කළේය. තවද, බස් රථ රියැදුරන්ට අනිවාර්ය කර ඇති මගී ප්‍රවාහන බලපත්‍රය, ඉදිරියේදී මේ සියලු කුලී රියැදුරන්ටද අනිවාර්ය වන අතර, මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් සහ සේවකයන් සඳහා සුබසාධන ආයතනයක්ද පිහිටුවන බව සභාපති චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post