වාඩි­ගල යුව­ළක් කපා කොටා ඝාත­නයට 4ක් මාට්ටු

හුංගම රන්න වාඩි­ගල වලව්වේ, මහ­ත්ත­යාගේ ආර ප්‍රදේ­ශයේ නි‍ෙව­සක රැඳී­සිටි යුව­ළක් ඊයේ (07) අලු­යම කපා කොටා ඝාත­නය කර තිබේ.

මුහුණු වසා­ගත් පස් දෙන­කු­ගෙන් සම­න්විත පිරි­සක් තියුණු ආයුධ රැගෙන එම යුවළ නවා­තැන් ගෙන සිටි නි‍ෙව­සට කඩා­වැදී අමා­නු­ෂික ලෙස ඔවුන් කපා­කොටා ඝාත­නය කර තිබේ. මේ පස්දෙ­නා­ගෙන් සිවු දෙන­කුම ඊයේ (07) දහ­වල් වන විට හුංගම පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මෙසේ ඝාත­නය කර ඇත්තේ අංක 130/4, බට­අත උතුර , හුංගම ලිපි­නයේ පදිං­චිව සිටි විජේ­සේ­කර ආර­ච්චිගේ පසිදු හේෂාන් නොහොත් ‘බෝ පසිදු’ නමැති 28 හැවි­රිදි ධීව­ර­යකු සහ ඔහුගේ අනි­යම් බිරි­යවූ 26 හැවි­රිදි ඉමාෂා මධු­භා­ෂිණී නමැති කාන්තා­වකි. ඇය කුඩා­වැල්ල ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යක් බව පොලී­සිය පැව­සීය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඝාත­න­යට ලක්වූ කාන්තා­වගේ මින්පෙර අනි­යම් සැමි­ය­කුව සිටි අයෙකි.

ඝාත­නය වූ පුද්ග­ල­යාගේ හිස කඳින් වෙන්වන ලෙස තියුණු ආයු­ධ­ය­කින් පහ­රදී ඇති අතර කාන්තා­වගේ ගෙල ප්‍රදේ­ශය ද තියුණු ආයු­ධ­ය­කින් කපා තිබේ. මොවුන් නවා­තැ­න්ගෙන සිටි නි‍ෙවසේ සිද්ධිය වන විට ගෙහිමි කාන්තාව සහ ඇයගේ දරු තිදෙනා සිට ඇති අතර, නි‍ෙවසේ හිමි­කරු හෙරො­යින් ජාවා­රම් කිරීමේ නඩු­ව­කට බන්ධ­නා­ගා­ර­ග­තව සිටින බව පොලී­සිය සඳ­හන් කරයි.

අලු­යම් කාල­යේදී ගෙහිමි කාන්තාව වැසි­කිළි යෑමට නි‍ෙව­සින් පිටත පැමි­ණි­විට අඳුරේ සැඟවී සිටි ඝාතන සැක­ක­රු­වන් ඇයගේ බෙල්ලෙන් අල්ලා­ගෙන ඇයව නිහඬ කර ඇත. ඒ වන­විට නි‍ෙවස තුළ සිටි කාන්තා­වක් ද නි‍ෙවසේ පිටු­පස දොර ඇර­ගෙන වැසි­කිළි යෑමට එළි­යට පැමිණ තිබේ.

ඒ සම­ඟම ඇය අල්ලා ගත් ඝාත­ක­යන් නිවෙස තුළට ඇද­ගෙන ගොස් කපා­කොටා මෙම ඝාතන සිදු­කර පලා ගොස් තිබේ. ඝාත­න­යට ලක්වූ කාන්තාව මීට දින හත­ර­කට පමණ පෙර මෙම නි‍ෙව­සට පැමිණ ඇත. විජේ­සේ­කර ආර­ච්චිගේ පසිදු හේෂාන් (28)නොහොත් ‘බෝ පසිඳු’ නමැති නමැත්තා අය පැමිණ ඇත්තේ පසු­ගිය 06 වැනිදා සවස බව ගෙහිමි කාන්තාව පොලී­සි­යට පවසා තිබේ.

ඝාත­න­යට ලක්වූ බෝ පසිඳු නමැත්තා ඝාත­න­යට ලක්වූ කාන්තා­වගේ පෙර සිටි අනි­යම් සැමි­යාව 2024 වර්ෂයේ මාර්තු මාස­යේදී වෙඩි තබා ඝාත­නය කිරී­මට අදා­ළව සැක­ක­රු­වකු ලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිට අධි­ක­ර­ණ­යෙන් ඇප ලබා පැමිණ සිටි අයෙකි. පසුව මීට මාස හය­කට පමණ පෙර නැව­තත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධි­ය­කට හුංගම පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ඇප ලබා නිද­හස්ව පැමිණි අයෙකි.

බෝ පසිඳු සහ ඔහුගේ අනි­යම් බිරිය මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බ­න්ධව ද අධි­ක­ර­ණ­යෙන් චෝදනා ලැබ ඇප පිට සිටි අය බව පොලී­සිය පව­සයි.

එමෙන්ම ඝාත­න­යට ලක්වූ ඉමාෂා මධු­භා­ෂිණි (27) නමැති කාන්තා­වගේ මීට පෙර අනි­යම් සැමියා ලෙස සිටි අප­රාධ රැස­කට සම්බන්ධ සම­ර­වි­ක්‍රම කඩ­වත ආර­ච්චිගේ සම­න්කු­මාර නොහොත් ‘බින්දු’ ඇතුළු පුද්ග­ල­යන් පස් දෙනකු විසින් මේ ඝාතන සිදු­කර ඇති බව පොලී­සිය අනා­ව­ර­ණය කර තිබේ.

ඒ අනුව රන්න ප්‍රදේ­ශයේ නි‍ෙව­සක සැඟවී සිටි­යදී අදාළ ප්‍රධාන සැක­කරු වන ‘බින්දු’ නමැති පුද්ග­ලයා හුංගම පොලී­සිය හා අම්බ­ල­න්තොට පොලිස් විශේෂ කාර්ය බළකා මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රීන් විසින් සිදු කළ මෙහෙ­යු­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එමෙන්ම අදාළ සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම­කින් අන­තු­රුව මෙම ඝාත­නය සම්බන්ධ බින්දු නමැති ප්‍රධාන සැක­ක­රුගේ මල්ලි සහ තවත් දෙදෙ­නකු තංගල්ල කොට්ඨාස අප­රාධ හා දුෂණ මර්දන ඒක­කයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

අනෙක් සැක­කරු ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට මේ වන­විට පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක් පරී­ක්ෂණ පව­ත්වනු ලැබේ.

ඝාත­නය සිදුවූ නි‍ෙවසේ කාන්තා­වගේ සැමියා ද මත්ද්‍රව්‍ය චෝද­නා­ව­කට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත. එම තැනැත්තා මෙම ඝාත­නය සිදු කළ ‘බින්දු’ නමැ­ත්තාගේ මිතු­රකු බව ද පොලී­සිය පව­සයි. කෙසේ නමුත් නි‍ෙවසේ හිමි­කා­රිය පව­සන්නේ ඊයේ (06) රාත්‍රී දොළ­හයි තිහට පමණ පස් දෙන­කු­ගෙන් සම­න්විත කණ්ඩා­ය­මක් මෙම ඝාත­න­යට පැමිණි බවයි.

ඔවුන් මුහුණු ආව­ර­ණය කර­ගෙන සිටි බව ඇය මුලින් ප්‍රකාශ කළත් පසුව ‘බින්දු’ නමැති සැක­කරු හඳු­නා­ගත් බව ඇය පොලී­සි­යට පවසා තිබේ. කෙසේ නමුත් සිද්ධිය සම්බ­න්ධව හුංගම පොලී­සිය සහ තවත් පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක් පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම ඝාතන සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය අගු­ණ­කො­ළ­පැ­ලැස්ස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ, මහේ­ස්ත්‍රාත් එරන්දි හේවා­ව­සම් මහ­ත්මිය විසින් සිදු­ක­රනු ලැබු­වාය. ස්ථානීය අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණය තංගල්ල රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි රුවන් නානා­ය­ක්කාර මහතා විසින් සිදු කරන ලදි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිපුණ දෙහි­ගම මහ­තාගේ උප­දෙස් පරිදි හුංගම පොලී­සිය සිද්ධිය ගැන පරී­ක්ෂණ පව­ත්වයි.

අම්බ­ල­න්තොට සමූහ – රාහුල් සමන්ත හෙට්ටි­ආ­රච්චි, තංගල්ල සමූහ – පද්ම­සිරි ගාර්දි­ය­ව­සම්, අම්බ­ල­න්තොට සමූහ – රාහුල් සමන්ත හෙට්ටි­ආ­රච්චි, සූරි­ය­වැව විශේෂ – නුවන් ජය­සේ­කර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post