
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 02 ක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසනවා.
අද (13) අලුයම සිදු කළ වැටලීම දී එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර රණසිරිපුර, නවනගරය, වීරවිල පදිංචි අර්ජුනා නමැත්තකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම සිදු කර ඇත්තේ මාතර, හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී සැකකරු නිදා සිටි ඇඳෙහි මෙට්ටය යට තිබි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 02ක් සහ අයිස් මිලි ග්‍රෑම් 3250ක් අත්අංගුවට ගත් බව පොලිසිය කියනවා.
සැකකරුට එරෙහිව ගංජා, හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා රැසක් හා මංකොල්ල කෑම් සම්බන්ධ නඩු කිහිපයක්ද පවතින බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගම මහතාගේ උපදෙස් පරිදි වීරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.